Skip to main content

Modern Physics

    අතීතයෙන් වර්තමානය දකිමු



Q1   ඔබ දැකලා තියෙන පරණම    සිද්ධිය  මතකද?
Q2   එය කොපමණ පැරණි සිදුවීමක් ද?
Q3  වර්තමානය විදිහට අපි දකින සිදුවීම් සියල්ලම -වර්තමානයෙහි සිදු උන සිදුවීම් ද?

 එළියට ගිහිල්ලා අහස දිහා බලන්න,  ඔයා දවල් වෙලාවක  අහස බැලුවොත් ඔයාට හඳ ඒ වගේම ඉර වලාකුළු වගේ දේවල් බලාගන්න පුළුවන්, සමහර විට අහසේ පියාඹන කුරුල්ලෝ ඉන්නත් පුළුවන්, මීට අමතරව ප්ලේන් එකක්  වගේම     අහසේ  පියාසර කරන  කරන යම් යම් දේවල් බලාගන්න පුළුවන් වේවි. 

  ඇත්තටම ඔබ  මේ දකින කිසිම දෙයක් මේ වෙලාවේ එහෙම නෑ .

  එතකොට ඔයා දකින මේ සියල්ල මායාවක්ද ?   

ඔව් ඔයාට කිසිම වෙලාවක මේ මොහොතේ මේ විශ්වය දකින්න බෑ. ඔයා දකින දේ ඉතා කුඩා කාලයක් හෝ තප්පර කිහිපයක අතීතයක් වෙන්න පුළුවන්, සමහරවිට ඒක වසර මිලියන ගණනක් පැරණි සිදුවීමක් වෙන්නත් පුළුවන්.

       ඔයා රෑ වෙලාවක අහස බැලුවොත්  වසර මිලියන ගණනක අතීතය  දකින්න පුළුවන්. සමහරවිට    මීට වසර කිහිපයකට පෙර මිය ගිය තරුවක් උනත් දැකගන්න පුළුවන්, ඔය දකින ග්‍රහලෝක සහ ඒවායේ චන්ද්‍රයන්, වල්ගා තරු, ග්‍රහක උල්කාපාත, නිහාරිකාව සහ තරු පොකුරු කිසිම එකක් මේ මොහොතේ ඇත්තටම නෑ ..



දවල් වෙලවක්නම් බොහෝවිට  ඉර , හද , හවස් කලෙකනම් සිකුරු තරුවත් බලාගන්න පුළුවන් ඇත්තටම සිකුරු කියන්නේ තරුවක් නෙමේ.

   ඉර පේනවා නේද   පැහැදිලිවම , මම මෙතනදී  ඔයාලගෙන් අමතර ප්‍රශ්නයක් අහනවා  . ඉර මොන පාට ද පේන්නේ.  ඇත්තටම මේ ඉර සුදු පාටද ?    ඉර සුදු වෙලා blackboard  එක කළු වුනේ ඇයි ? (😜


ඉර සුදු පාටට පෙන හේතුව -   දෘශ්ය පරාසය ට අයත් සියලුම මෙන් වූ චුම්බක තරංගය ඉන් නිකුත් කරන නිසා
  A4 කොලයක් සුදු පාටට පේන හේතුව -  දෘෂ්‍ය පරාසයට අයත් සියලුම විද්‍යුත් චුම්බක තරංග පරාවර්තනය කරන  නිසා.

  

විවිධ වර්ණ සහිත වස්තු  අපිට පෙනෙන විදිහ

 අපිට පෙනෙන හැම වස්තුවක්ම දෘශ්ය පරාසයේ  තරංග  පිට කිරීමක් හෝ පරාවර්තනය වීමක් නිසා සිදුවන්නකි.

අපි අවට තියෙන බොහොමයක් වස්තු තරංග පරාවර්තනය කිරීම නිසා අපිට ඒවා දැකගන්න පුළුවන්. එකට හේතුව ඒවා සාමාන්‍ය උෂ්නත්වයදී  දෘෂ්‍ය පරාසයට  අයත් තරංග නිකුත් නොකරන නිසාවෙනි.


  උෂ්ණත්වය වැඩි කරන විට විට  රතු  , තැබිලි , කහ, කොළ, නිල  ආදී ලෙස තරංග  සංඛ්‍යාති වැඩි වන ලෙස තරංග  නිකුත් කිරීමක් සිදු කරයි.. උෂ්ණත්වය වැඩි කරන විට බොහොමයක් වස්තු වල භෞතික ස්වරුපය වෙනස් වීමකට ලක්වෙනවා.   යකඩ කැබැල්ලක්   රත් කරන විට එහි වර්ණය වෙනස්  වීම සිදුවන්නේ  රතු කහ සුදු  ලෙස. 
එය මුලින්ම  රතු පාටට   හැරීම සිදු වන්නේ  දෘශ්‍ය පරාසයේ අවම සංඛ්‍යාතිය සහිත තරංගා  නිකුත් කරන නිසා. 
කහ  පාටට හැරීම සිදු වන්නේ  දෘශ්‍ය පරාසයේ  තරමක් සංඛ්‍යාත වැඩියි කහ  පැහැති  තරංගා  නිකුත් කරන නිසා. 
ක්‍රමය උෂ්ණත්වය වැඩි කරන විට වැඩි කරන විට රතු තැඹිලි කහ පාට වලට අදාල තරංග නිකුත් කරනවා..
 තවත් උෂ්ණත්වය වැඩි කරගෙන යන විට නිල්පාටට අදාල තරංග නිකුත් වූවත්  නිල් පැහැය  දැක ගැනීමට නොහැකි වන්නේ මේ සියලුම   දුෂ්‍ය පරාසයට  අයත් තරංග  එක් වීමෙන් සුදු පාට ට හැරීමයි.
 දැන් ඔබට අදහසක් ඇති අපි මේ දකින සියල්ල   දෘශ්‍ය පරාසයට අයත් තරංග නිසා  සිදුවන්නක් බව.

 පෙනීමට ගතවන කාලය

  
 ඒ සියලුම තරංග විද්‍යුත් චුම්බක තරංග නිසා ඒව ගමන් කරන වේගයක් තියෙනවා.  තරංග ගමන් කරන මාධ්‍යයෙන් මාධ්‍යයට වේගය වෙනස් වුවත් රික්තයක් තුළ මේවා එකම නියත වේගයකින් ගමන් කරනවා.
 ඔබ අවට තියෙන ගොඩක් දේවල් ක්ෂණිකව ඔබට බලාගත හැකි වුවත්   ඉතා විශාල දුරකින් තියෙන චන්ද්‍රයා , සූර්යයා  බ්‍රහස්පති වැනි ආකාශ වස්තු  මගින් නිකුත් කරන හෝ පරාවර්තනය කරන තරංග පැමිණීමට යම් කාලයක් ගතවේ.




  •  චන්ද්‍රයා-   තප්පර 1.3 කට පමණ පෙර තිබුණ චන්ද්‍රයා තමා අපිට මෙන් මොහොතේ දැකගන්න පුලුවන්  
  •  සූර්යයා-  තප්පර 499 එහෙමත් නැත්නම් මිනිත්තු 8 පමණ පෙර තිබුණ සූර්යයා තමා අපිට මේ මොහොතේ පෙනෙන්නේ. (149,597,870,700 m/C)
  දැන් ඔබට පැහැදිලි ඇති අපි මේ දකින සියලුම සිද්ධීන්   මීට මොහොත  පෙර කෝ සිදුවන  අතීත සිදුවීමක් බව.
 ආලෝකය මෙම අමුතු හැසිරීම අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය ප්‍රධාන තැනක් ගනී. (හැබැයි ඒකත් එක් උපකල්පනයක් විතරයි. පරම සත්‍ය නොවන අතර එම උපකල්පන සහ ආකෘති මගින් විශ්වය තේරුම් ගැනීමට, හැසිරීම විස්තර කිරීමට බොහෝ ප්‍රයෝජනවත් වේ)

ඔබ කුඩා කල ඉගෙනගෙන ඇති ,   බලය හා තරණය සම්බන්ධ නිව්ටන් සමීකරණය.  මෙම සම්ප්‍රදායික භෞතික විද්‍යා සමීකරණයට අනුව වස්තුවකට යෙදෙන බලය මත එහි තවරණය  සීමාවක් නොමැතිව විශාල වෙයි.  එම නිසා එයට ලබාගත හැකි උපරිම ප්‍රවේගය සීමා නොවේ.
නමුත් මේ විශ්වයේ ලබාගත හැකි උපරිම ප්‍රවේගය රිත්තකයක් තුල ආලෝකය ප්‍රවෙගයයි..
මෙම  ආලෝකයෙහි එහෙමත් නැත්නම් විද්‍යුත් චුම්බක තරංගවල පවතින  අමුතු ස්වභාවය කාලය සහ අවකාශය අතර  ගුප්ත ස්වභාවය තේරුම් ගැනීමට උපකාරී වේ.
 ඊලග පොස්ට් එකෙන් විශේෂ සාපේක්ෂතාවාදය  ගැන කතා කරමු.


Comments